උණුසුම් පුවත් 🚨 හොර රියදුරු බලපත්‍රයෙන් රිය ධාවනය කළ 19 හැවිරිදි තරුණයා දින 14ක් රක්ෂිත බන්ධනාගාරයට – ප්‍රසාද් පූර්ණමාල් 4 weeks ago admin හලාවත, බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී පාපැදියක ගැටී අනතුරක් සිදුකළ කුඩා ලොරි රථයේ 19 හැවිරිදි රියදුරු දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. අනතුරෙන් තුවාල ලැබූ පාපැදිකරු හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර, රියදුරු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට නින්ද යාම හේතුවෙන් අනතුර සිදු වූ බවයි. කෙසේ වෙතත්, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු තම රියදුරු බලපත්‍රය අක්‍රමවත් (හොර) ආකාරයෙන් ලබාගත් බව ද ප්‍රකාශ කර තිබේ. පසුව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනාවරණය වී ඇත්තේ රියදුරු “අයිස්” (Methamphetamine) මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවයි. මෙම රියදුරු බලපත්‍රය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස හලාවත පොලිසියේ රථවාහන අංශයට අධිකරණය නියෝග කර ඇත. හලාවත පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල චන්දන මහතාගේ උපදෙස් පරිදි හලාවත පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල් වරුන් වන 100 711 වෛද්‍යරත්න ,9100 ප්‍රසාද් යන නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි . Continue Reading Previous අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්Next ප්‍රජා සෞඛ්‍ය සේවාවේ සියවස සමරමින් අනාගත මහජන සෞඛ්‍ය සේවාවේ නව දැක්මක් උදෙසා “Public Health Summit 2026” ඇරඹෙයි More Stories උණුසුම් පුවත් වඳුරඹ පොලිස් ස්ථානයේ අර්ධ වාර්ෂිකව පරීක්ෂණය – දමිත් සඳනුවන් කීර්ති 8 hours ago admin උණුසුම් පුවත් යතුරුපැදි සොරකම් කර උකස් කළ දෙදෙනෙක් කොස්වත්තෙන් අත්අඩංගුවට – හිරුණි ලක්ෂිකා 9 hours ago admin උණුසුම් පුවත් බස් රථයෙන් ඇද වැඩී කාන්තාවක් මරුට – දමිත් සඳනුවන් කීර්ති 1 day ago admin Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.