ප්‍රදේශ කිහිපයක අද පැය 4ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (22) ප්‍රදේශ කිහිපයක පැය 4 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා මෙලෙස ජල සැපයුම විසන්ධි කෙරෙනවා.

රජපිහිල්ල සේවා ජලාශය, මැදවල පැරණි සේවා ජලාශය, මැදවල නව සේවා ජලාශය, ගලගෙදර සේවා ජලාශය සහ මාවතගම සේවා ප්‍රදේශය යන යෝජනා ක්‍රම යටතේ ජලය සැපයෙන ස්ථානවලටයි ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *