විෂ රසායනික යොදා පළතුරු ඉදවීම නතර කිරීම සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදීමට සැරසෙයි

විෂ රසායනික යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ඒ, විවිධ රසායනික යොදා අවිධිමත් ලෙස පළතුරු ඉදවා වෙළෙඳපොළේ අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දිගින් දිගටම පැමිණිලි ලැබීමත් සමගයි.

කෙසෙල්, අඹ සහ ගස්ලබුවලට මෙවැනි විෂ රසායනික ද්‍රව්‍ය යෙදීම සමාජයේ විශාල ගැටළුවක් වී ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

එවැනි ස්ථාන වැටලීමට කටයුතු කරන ලෙස විෂය භාර අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *