කටුවාන ගින්නෙන් 05 දෙනෙකුගේ දිවි අහිමිවෙයි!

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක  අද (21) උදෑසන 9.45ට පමණ අනපේක්ෂිත ආකාරයෙන් ගින්නක් හට ගෙන ඇති අතර, එම

ගින්නෙන් මියගිය පුද්ගලයින් අධික ලෙස පිළිස්සී සිටි බව පොලීසිය පවසයි. ගින්නට හසුවූ පුද්ගලයින් 05 දෙනෙකුගේ දිවි අහිමි විය.

මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ කෝට්ටේ ගිනිනිවන ඒකකයේ, ප්‍රධාන අණදෙන නිලධාරියා පවසා සිටියේ

කෙසේවෙතත් ගින්න තට්ටු 3ක මහල් ගොඩනැඟිල්ලක් පුරා පැතිර ගොස් ඇති අතර, එහිදී පුද්ගලයින් තිදෙනෙකු ගින්නට හසුව ඇති බව පළමුව පැවසුවද සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ගින්නෙන් පිළිස්සී සිටි පුද්ගලයින් පස්දෙනෙකු සොයාගැනීමට හැකි වු බවද අදාළ ගිනිනිවන නිලධාරියා මාධ්‍යට පැවසීය.

එයින් පුද්ගලයින් තිදෙනෙකු හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී සිටි බවද ඔහු සඳහන් කළේය.

ගින්න දැඩිව ව්‍යාප්තව ඇති මොහොතක් වු බැවින් අදාළ පුද්ගලයින් සිරවී සිටි ස්ථානයට ගිනිනිවන භටයින්ට ළඟාවීම අපහසු වූ බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ගිනිනිවන ඒකක 6ක් මේ සඳහා පැමිණ තිබූ අතර, මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතැයි හෝමාගම පොලීසිය පැවසීය.

මේ අතර ගින්නෙන් තුවාල ලැබු කාන්තාවක් ද රෝහල්ගත කිරීමට අවකාශයක්ට ලැබුණි. මළ බව ආරක්ෂක අංශ  තිබේ.

කෙසේ වෙතත් ගින්න ඇතිවීමට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Copied: https://sinhala.adaderana.lk/news/228936
END/AD/MMP/21072026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *