බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලුවලට ලබා දිය හැකි විසඳුම් විමසා බැලීමේ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

මේ වන විට බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

අදාළ අමාත්‍යාංශ නිලධාරීහු සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිටී මෙම සාකච්ඡාවේදි ඊට අදාළව ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් පිළිබඳ දීර්ඝ ලෙස විමසා බැලිණි.

එමෙන්ම, බන්ධනාගාර පහසුකම් පුළුල් කිරීම සහ ඒ වෙනුවෙන් ගත හැකි විකල්ප ක්‍රියාමර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා,අධිකරණ සහ  ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්  ප්‍රසාද් හේමන්ත කුමාර යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

END/GONP/MMP/20072026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *