නව නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකා පොලිස්පති අතර නිල හමුවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාධිපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු  සහ ශ්‍රී ලංකා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර විශේෂ නිල හමුවක් ඊ‍ය‍ේ (17) පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.

පොලිස් මූලස්ථානය වෙත පැමිණි නාවික හමුදාධිපති, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර නව නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සිය සුභාශිංසන පිරිනමන ලදි.

මෙම නිල හමුවේදී රටේ නීතිය හා සාමය තහවුරු කිරීම, මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුම් සඳහා අවශ්‍යතාවය අනුව ශ්‍රී ලංකා පොලීසිය වෙත නාවික හමුදාවේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සිය නව ධුරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොලිස්පතිවරයා අතර වු ප්‍රථම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරු කරගැනීමක් ද සිදු කෙරිණි.

END/GONP/MMP/18072026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *