ජාතික පාසල් ගුරු ස්ථාන මාරු අයදුම්පත් කැඳවයි

2026 වර්ෂයට අදාළ ජාතික පාසල් වාර්ෂික සහ අනිවාර්ය ගුරු ස්ථාන මාරුවීම් සඳහා වන අයදුම්පත් http://nstt.moe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව (Online) කැඳවා ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම නිවේදනයට අනුව, ජාතික පාසල් ගුරුවරුන්ට ජූලි 16 වනදා සිට ජූලි 30 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ස්ථාන මාරුවීම් සඳහා අයදුම් කළ හැකිය.

මාර්ගගතව අයදුම් කිරීමෙන් අනතුරුව, එහි මුද්‍රිත පිටපත ජූලි 31 වනදා හෝ ඊට පෙර තමන් වැටුප් ලබන පාසලේ විදුහල්පතිවරයා වෙත භාර දිය යුතුය.

ගුරුවරුන් විසින් පෞද්ගලිකව රැගෙන එනු ලබන හෝ තැපැල් මාර්ගයෙන් යොමු කරනු ලබන කිසිදු අයදුම්පතක් අමාත්‍යාංශය විසින් භාර නොගන්නා බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *