මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම ජනපතිට භාරදෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරුක් මේ දක්වා ලැබී නොමැති අතර, ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම භාර ගැනීම නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සඳහනක් නොමැති බව අප මේ පිළිබඳව මහාචාර්ය සරත් අබේකෝන්ගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළා.

මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තමන් මෙසේ ඉල්ලා අස්වීමට ගත් තීරණයට හේතුව සිය පෞද්ගලික හේතුවක් බවයි.

මහාචාර්ය සරත් අබේකෝන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති වශයෙන්ද කලක් සේවය කර තිබෙනවා.

එසේම මේ වන විට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරය ද හිස්ව පවතින අතර, ඒ එම ධූරය දැරූ මංජුලා මඩහපොල පසුගියදා විශ්‍රාම යාම හේතුවෙන්.

එම තනතුරේ වැඩ බැලීම සඳහන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඉෂාන් විජේතිලක පත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *