බුලත්කොහුපිටිය දේදුගල ප්‍රදේශයේ දී නුග ගසක විශාල අත්තක් එම මාර්ගයට කඩා වැටීම නිසා මාර්ගයේ ගමනා ගමනය ඇණ හිට ඇත – වසන්ත රෝහණ සමරවර්ධන
බුලත්කොහුපිටිය දේදුගල මාර්ගයේ උඩපොත ,සිවගිරිය ප්‍රදේශයේ දී නුග ගසක විශාල අත්තක් එම මාර්ගයට කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනා ගමනය ඇණ හිට ඇත.
15 වන දින අලුයම මෙම අත්ත කඩා වැටී ඇති අතර එයින් මාර්ගය ආසන්නයේ තිබූ වෙලද සැලක වහලයකට සුළුහානි සිදු වී ඇති අතර අසල බස් නවැතුමක වහලයට හානි සිදු වී තිබෙයි.අනතුරින් කිසිවෙකු හානියක් සිදු වී නොමැති බව ආපදා කළමණාකරණ ඒකකය පවසයි..මෙම අත්ත කඩා වැටීම හේතුවෙන් අසල විදුලි රැහන් පද්ධතියට ද හානි සිදු වී තිබෙයි.මෙම නිසා දේදුගල,නෙලුවක්කන,පැලැම්පිටිය,උඩුව,වහරකවත්ත,කලුපහන හා නිර්මාලවත්ත වැනි ප්‍රදේශවට විදුලිය සම්පුර්ණයෙන්ම බිද වැටී තිබෙයි.
