පුත්තලමේ යොවුන් කැඩෙට්වරුන් සහ කැඩෙට්වරියන් 115 ක් විසිර යයි.- ප්‍රසාද් පූර්ණමාල්

 

හලාවත මාදම්පේ – වාලහේන යොවුන් සේනාංකයේ පුහුණුව ලැබු 2026 වසරේ දෙවැනි කණ්ඩායම විසිර යාම පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි
මහතාගේ ප්‍රධානත්වයෙන් මැදගම අභය ආදර්ශ විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී සිදු විණි .
පෞරුෂ වර්ධන ,තොරතුරු තාක්ෂණය,ඉංග්‍රීසි,ජීවන කුසලතාවය,නායකත්වය, ආදී විෂයන් පිළිබද පාඨමාලාවන් හැදෑරූ යොවුන් කැඩෙට් වරුන් සහ කැඩෙට්වරියන්
115 දෙනෙකු මෙම අවස්ථාවේදී විසිර ගියේය. මෙයට කැඩෙට්වරියන් 60 දෙනෙකු හා කැඩෙට්වරුන් 55 දෙනෙකු ඇතුලත් විණි
දක්ෂතම කැඩෙට්වරයා ලෙස ඩබ්ලිව්.එම්.එස්.ටී.වීරකෝන් ද,දක්ෂතම කැඩෙට්වරිය ලෙස වයි.එම්.ඩී.ජී.යාපා ද නියෝජ්‍ය ඇමතිවරයා විසින් මෙහිදී ඇගයීමට
ලක් කරන ලදි.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී හිරුණි විජේසිංහ,හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති අරුණ ශ්‍රී ආනන්ද,කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත්,හලාවත කලාප
අධ්‍යාපන අධ්‍යක්ෂිකා හිමාදරී එරන්ගා ජයසිංහ. වාලහේන යොවුන් සේනාංක මධ්‍යස්ථානාධිපති කපිතාන් දිනේෂ් කටුගම්පොල යන මහත්ම මහත්මීන්ද විසිර ගිය කැඩෙට්වරුන් සහ කැඩෙට්වරියන්ගේ දෙමව්පියන්
ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *