අර්බුද මැද රජයේ වී මිලදී ගැනීම අද අම්පාරෙන් ඇරඹේ
මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම අද (13) අම්පාර දිස්ත්රික්කයෙන් ආරම්භ කෙරෙනවා.
ඒ අනුව උහන – පාලම්කඳවුර රජයේ වී ගබඩාව වී මිලදී ගැනීමට සූදානම් කර ඇති බවයි අම්පාර දිස්ත්රික් ලේකම්වරයා සඳහන් කළා.
රජය පොරොන්දු වූ පරිදි වී කිලෝවක නිෂ්පාදන වියදමට සරිලන මිලක් ලබා නොදීම හේතුවෙන් සහ පසුගිය මහ කන්නයේ නෙළාගත් වී අස්වනු වලටද නිසි මිලක් නොමැතිව තවමත් නිවෙස් තුළ ගබඩා කර තැබීමට සිදුවීම හේතුවෙන් තමන් අසරණව සිටින බව ගොවීන් දිගින් දිගටම පවසනවා.
කෙසේ වෙතත්, මෙවන් පසුබිමකයි මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අම්පාර – උහන ප්රදේශයෙන් අද ආරම්භ කෙරෙන්නේ.
වී අලෙවි මණ්ඩලය සදහන් කළේ, ස්ථාන 143කදී වී මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.
මේ අතර ගොවීන් පෙන්වා දෙන්නේ අම්පාර – උහන ප්රදේශයේ කොහොඹාන සහ ගොනාගොල්ල ඇතුළු සෙසු රජයේ වී ගබඩාවල වී මිලදී ගැනීමේ සූදානමක් නොමැති බවටයි.
