වැලිමඩ රෝහල ළඟ කැළේ ගින්නක් – ප්‍රේමලාල් රත්නායක
වැලිමඩ මුලික රෝහලට හා ප්‍රාදේශීය සභාවටට අයත් ඉඩම්වල අද (09) පස්වරුවේ ගින්නක් හටගෙන තිබුණා.
ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවීමට උත්සාහ කළද පස්වරු 6:00ට පමණ ගින්න පැතිර යමින් තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා මෙම ගින්න පැතිර යමින් පැවති බවද අප වාර්තාකරු පැවසුවා.
