ලියාපදිංචි අංකය නැතත් අංකයක් ඔත්සේ ගොස් මාරවිල පොලිසිය කල සුපිරි වැඩක්

මවක් හා පුත්‍රයෙකු යටකර පලාගිය ටිපර් රථයක් අංකයක් ඔත්සේ ගොස් අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලිසිය සමත්ව තිබේ . මේ සදහා පොලිස් නිලධාරීන්
සි සි ටි වී කැමරා පද්දති 82 ක් පරික්ෂා කර ඇත .

පසුගිය 07 වැනි දින රාත්‍රියේ හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල ප්‍රදේශයේදී මේ අනතුර සිදුව තිබිණී.අනතුරින් 19 හැවිරිදි පුත්‍රයා මරණයට පත්වූ අතර මව බරපතල තුවාල ලබා රෝහල් ගත කරන ලදී .

මේ සිදුවීමත් සමග මාරවිල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් මේ ස්ථනයේ හා අවට සි සි ටි වී කැමරා පරික්ෂා කර ටිපර් රථයේ ලියාපදිංචි අංකය
සොයා ගැනීමට උත්සහා කලත් එය අසාර්ථක වී ඇත . එහෙත් උත්සාහය අත් නොහැරි පොලිස් නිලධාරීන් රථයේ පැත්තක ගසා තිබු අංකයක් ඔත්සේ පරීක්ෂණ
ක්‍රියාත්මක කර අනතුර සිදුව පැය 48 ක් යාමට මත්තෙන් ටිපර් රථය පිළිබද තොරතුරු සොයා ගන්නා ලදී .

ඒ අනුව මේ ටිපර් රථය වව්නියාවේ නැදුන්කර්නි ප්‍රදේශයේ තිබියදී රියදුරු සමග අත්අඩංගුවට ගැනීමට හැකිවිණි.

මාරවිල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර ටිපර් රථය හා රියදුරු මාරවිල මහේස්තර්ත් අධිකරණයට
ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *