නෝනා කුඩු අල්ලන හැටි පොලිසියට උගන්වද්දී මහත්තයා අයිස් එක්ක මාට්ටු

කාලයක් තිස්සේ කල්පිටියේ ධිවර ජනතාවට අයිස් හා කුඩු පෙවූ මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු කල්පිටිය කන්දකුලිය ධිවර ගම්මානයේදී අත්අඩංගුවට ගැනීමට පුත්තලම ජෞශ්ධ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ නියෝග මත ක්‍රියාත්මක වන විශේෂ පොලිස් නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ .සුගතසිරි ප්‍රනාන්දු නමැති උප පොලිස් පරීක්ෂකවරයා ප්‍රධාන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අද 10 අලුයම මේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර මෙහිදී ඔහු සතුව
තිබී අයිස් ග්රම්ස් 5420 ක් හා ජංගම දුරකථන දෙකක් යතුරු පැදියක් පොලිස් අත්අඩංගුවට
පත්ව ඇත .

මේ වැටලීමෙන් පසු පොලිස් අත්අඩංගුවට පත් දුරකථන දෙකට මත්දර්ව්‍ය ඉල්ලා ඇමතුම් 72 ක් ලැබී ඇති බව වාර්තා වේ .

මිට පෙර මොහුගේ බිරිදිදද මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්ව ඇත . මැය කල්පිටිය ප්‍රදේශයේ දහම්පසලක ප්‍රධාන අචාර්යවරිය ලෙස කටයුතු කරන අතර
ඊට අමතරව ළමා සමාජයකටද නායකත්වය ලබා දෙන ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර රාජ්‍යනොවන ආයතනයකට සම්බන්ධවී ක්‍රියා කරන කාන්තාවක් බව පොලිසිය
පැවසිය
මේ කාන්තාව මිට දින කීපයකට පෙර මේ රාජ්‍ය නොවන සංවිධානය සංවිධානය කරන ලද
මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනකදී මත්ද්‍රව්‍ය අල්ලන අකාරය පිලිබදව පොලිසියට උපදෙස් ලබා දී තිබෙන බවද වාර්තා වේ .

සැකකරු හා මත්ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සදහා කල්පිටිය පොලිසියට භාර දීමට නියමිතව තිබිණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *