විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය වළක්වා ගැනීමට නොහැකි වීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබෙනවා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක කියා සිටියේ, සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙලෙස කළු පටි පැළඳ අද (08) සභා වාරයට එක්ව සිටින බවයි.
