කොරියානු ජනරජයේ සෙමාවුල් පදනම විසින් ග්‍රාමීය ප්‍රදේශවල පාසල් දරු දැරියන්ට නවීන තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් අධ්‍යාපන පහසුකම් ලබාදීම – වසන්ත රෝහණ සමරවර්ධන
ග්‍රාමීය ප්‍රදේශවල පාසල් දරු දැරියන්ට නවීන තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් අධ්‍යාපන පහසුකම් ලබාදීමේ අරමුනින් දකුණු කොරියානු ජනරජයේ සෙමාවුල් පදනම විසින් බදුල්ල,නුවරඑළිය සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ආරම්භ කර තිබෙයි.
ඒ යටතේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයට අයත් කනන්ගමුව රාජසිංහ මහා විද්‍යාලයේ ස්මාර්ට් පංති කාමරය සිසු අයිතියට පැවැරීම (7) සිදු කෙරුනි.මෙය පරිඝණකට 18 ක කින් සහ ස්මාර්ට් පුවරුවකින් හා ඩෙස් පුටුවලින් සමන්විත වෙයි.මේ සදහා එම පදනම විසින් රුපියල් ලක්ෂ 62 ක් වැය කර තිබෙයි.මෙය සෙමාවුල් පදනම විසින් ස්ථාපිතකරන ලද 11 වන ස්මාර්ට් පංති කාමරයයි. 
මෙම අවස්ථාවට සෙමාවුල් පදනමේ අධ්‍යක්ෂ චෝ ජුන් ( cho jun ) ,බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් මදුෂී අබේරත්න,කනන්ගමුව රාජසිංහ මහා විදුහලේ (වැඩ බලන) විදුහල්පති,චමිල් ජගත් කුමාර,සෙමාවුල් පදනමේ කළමණාකරු විරාජි සම්පත් එහි පරිපාලන නිලධාරී තරුෂිකා සෙව්මිණි යන මහත්ම මහත්මීහු ද,පාසලේ ආචාර්ය්‍යය මන්ඩලය ද, පාසල් දරුදැරුයෝ සහභාගි වී සිටියහ.
