මීගමුවෙන් මාරු කළ රැඳවියන්ගේ තොරතුරු අද ඥාතීන් වෙත

මීගමුව බන්ධනාගාරයේ සිටි රැදවියන් මාරුකරන ලද බන්ධනාගාර පිළිබඳ තොරතුරු යාවත්කාලීන කර අද (07) ඥාතීන් වෙත දැනුම් දීමට පියවරගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක පවසනවා.

එමෙන්ම රෝහල්ගත කරන ලද රැඳවියන් සහ මියගොස් සිටින රැඳවියන් සම්බන්ධයෙන් ද තොරතුරු අද යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.

එතෙක් රැඳවියන්ගේ ඥාතීන්ට මීගමුව බන්ධනාගාර පරිශ්‍රය වෙත පැමිණීමෙන් වළකින ලෙසද බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *