සාමාන්‍ය පෙළ සඳහා අයදුම්පත් කැඳවීම ලබන 23 වැනිදායින් අවසන්

2026 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මේ මස 23 වැනිදායින් අවසන් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඊයේ (03) සිට මෙලෙස අයදුම්පත් කැඳවීම ආරම්භ කළ බවයි.

ඒ අනුව, පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරුන් මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අයදුම්පත් යොමු කළ යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *