ලබන වසර සඳහා තෝරාගත් සිසුන්ට සහ සීලමාතාවන්ට පාවහන් ලබාදීමේ වැඩසටහනට අනුමැතිය
එළඹෙන 2027 වර්ෂය සඳහා තෝරා ගෙන ඇති පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි/ පැවිදි සිසුන් සහ සීලමාතාවන් සඳහා පාවහන් යුගලයක් බැගින් ලබා දීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි/ පැවිදි සිසුන් සහ සීලමාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා දීමේ 2026 වර්ෂයේ වැඩසටහන ක්‍රමවේදයන් දෙකක් යටතේ මුළු පාසල් සහ පිරිවෙන් සිසුන් 836,571ක් ආවරණය කරමින් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.
2027 වර්ෂය සඳහා වන පාවහන් යුගලයක් බැගින් ලබා දීමේ වැඩසටහන 2026 තෙවන පාසල් වාරය අවසානය වන විට නිම කිරීම සඳහායි සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේදයේ ප්‍රගතිය මත පදනම්ව බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර හා වයඹ යන පළාත්වලට අදාළව දේශීය පාවහන් නිෂ්පාදකයන් විසින් පාසලටම ගෙනැවිත් ලබා දෙන පාවහන් මිල දී ගැනීම සඳහාත්, මධ්‍යම, උතුර, උතුරුමැද හා ඌව යන පළාත්වලට අදාළව වෙළෙඳපොළෙන් පාවහන් මිල දී ගැනීම සඳහාත්, තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි හා පැවිදි සිසුන් සහ සීලමාතාවන් සඳහා එක් අයෙකුට රුපියල් 3,000/-ක වටිනාකමින් යුත් තිළිණපතක් බැගින් ලබා දෙමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබෙනවා.
