දියතලාවේ බස් රථ අනතුරින් තුවාල ලැබූ 35ක් තවමත් රෝහලේ
දියතලාව දුම්රිය හරස් මාර්ගය අසලදී අද (27) අළුයම සිදු වූ රිය අනතුරෙන් තුවාල ලැබූ 35 දෙනෙකු තවදුරටත් දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පොලිසිය සඳහන් කළේ රෝහළට ඇතුළත් කළ 42 දෙනාගෙන් 7 දෙනෙකු ප්‍රතිකාර ලබා මේ වනවිට පිටව ගොස් ඇති බවයි.
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව තිබුණේ.
බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අඩි 20ක පමණ ප්‍රපාතයට පෙරලී තිබුණේ ඒ අසළින් ගමන් කරන දුම්රිය මාර්ගයකටයි.
බස් රථයේ රියදුරු ද තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඔහුගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබා ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ.
