හෝමාගම, කොට්ටාව, ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රියේ සිට ජල සැපයුම අත්හිටුවයි

කලටුවාව සිට බොරලැස්ගමුව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (24) රාත්‍රී 8.00 සිට 25 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 දක්වා පැය 24 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, පැලැන්වත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම අඩු පීඩන තත්ත්වය යටතේ මහරගම ප්‍රදේශයට ජලය සැපයෙන බවයි එම මණ්ඩලය පවසන්නේ.

ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළකර සිටින අතර අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *