කෑගල්ලේ අනතරකින් 17 ක් රෝහලේ එක් අයෙකු මරණයට – වසන්ත රෝහණ සමරවර්ධන

කොළඹ මහනුවර මාර්ගයේ කෑගල්ල,මොලගොඩ,වරාගොඩ හංදිය ප්‍රදේශයේ දී අද (22) දහවල් සිදු වූ අනතුරකින් 17 ක් තුවාල ලබා එක් අයෙකු මිය ගොස් ඇති බව කෑගල්ල පොලීසිය පවසයි.

නුවරඑලිය සිට කොළඹ බලා ධාවනය කල පුද්ගලික බස් රථයක් එම මාර්ගයේ ම ධාවනය වූ බස් රථයක් ඉස්සර කිරීමට යාමේ දී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිනි වෑන් රථ 2 ක,ලොරි රථයක, යතුරු පැදියක හා ත්‍රීරෝද රථ දෙකක ගැටී තිබෙයි.

මෙහි දී ත්‍රීරෝද රථයක ගමන් කල කාන්තාවක් එම අනතුර සිදු වූ ස්ථානයේම මිය ගොස් තිබෙයි.සෙසු තුවාල කරුවන් 17 දෙනො කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබති.පුද්ගලික බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා එම ස්ථානයෙන් පළා ගොස් තිබෙයි.අනතුරට පත්
වූ වෑන් ර ථ 2 ක් ත්‍රීරෝද රථයක් කෑගල්ල ප්‍රදේශයේ රියදුරු පාසලකට අයත් වෙයි.අනතුර පිලිබදව කෑගල්ල පොලීසිය වැඩිදර පරික්ෂණ පවත්වයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *