මෙම වසරේ ගතවූ කාලය තුළ දකුණු පළාතෙන් ඩෙංගු රෝගීන් 7012ක් සහ මරණ 05ක් – දමිත් සඳනුවන් කීර්ති
මෙම වසරේ ගතවූ කාලය තුළ දකුණු පළාතෙන් ඩෙංගු රෝගීන් 7012ක් සහ මරණ 05ක්.
මෙම වසරේ ජනවාරි මස පළමු වෙනිදා සිට දකුණු පළාතේ ගාල්ල,මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කය තුනෙන් අද (18දින) දක්වා කාලය තුළ ඩෙංගු ආසාදනය වූ රෝගීන් 7012 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවත් මේවන දකුණු පළාතෙන් ඩෙංගු ආසාදනය වීම නිසා පුද්ගල මරණ 05ක් පමණ සිදුවී ඇති බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පණ්ඩිතරත්න මහතා පැවසීය.
ඒ අනුව මේවන විට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2644 දෙනෙක් සහ ඩෙංගු රෝගය ආසාදනය වීම නිසා සිදුවූ මරණ 02ක්ද ,මාතර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 3094 දෙනෙක් සහ ඩෙංගු ආසාදනය වීම නිසා සිදුවූ මරණ 01ක්ද,හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1294 දෙනෙක්ද ඩෙංගු ආසාදනය වීම නිසා සිදුවූ මරණ 02ක්ද මේ වන විට වාර්තා වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය පණ්ඩිතරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
එසේම ඒ මහතා වැඩිදුරටත් පවසා සිට්යේ දකුණු පළාතේ සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩ ලෙස මෙම සතිය තුළ ආරම්භ කළ ඇති බවත් විශේෂයෙන් රාජ්‍ය ආයතන,පුද්ගලික ආයතන සහ නිවාස වල වටපිටාව පිරිසිදුව තබා ගන්නේ නම් කඩිනමින් ඩෙංගු ව්‍යාප්තිය අවම කළ ගත හැකි බවයි.
