ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කටාන, කටුවැල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 210ක් ද සොයා ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් වන කිතුල්වල ඉහල, මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරු පූගොඩ, කිරිඳිවැල, කොස්ගම, වීරඹුගෙදර, නාරම්මල, පොල්ගහවෙල, පාදුක්ක, කටුනායක හා මිනුවන්ගොඩ යන ප්‍රදේශවල රන්මාල කොල්ලකෑම් ඇතුළු දේපල සොරකම් රැසකට අවශ්‍ය කර සිටි අයෙකු වන බවය.

එමෙන්ම මෙම අපරාධ සඳහා යොදාගත් යතුරුපැදියක්, කඩුවක් හා කොල්ලකන ලද රන් මාලවලට අදාළ රන්ගුලි 09ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකකරුවෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 16 වැනිදා දක්වා රැඳවුම් නියෝග ලබා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *