අලුත්ගම මුහුදේ ගිලී පුද්ගලයෙකු මරුට
අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේ දී මුහුදේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන් වේ.
මිතුරන් පිරිසක් සමග දිය නාමින් සිටියදී අදාළ පුද්ගලයා මෙසේ දියේ ගිලී මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අළුත්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
