“නීතිය හදලා දුන්නොත් පළාත් සභා ඡන්දෙ පවත්වනවා” – ඇමති නලින්ද
පාර්ලිමේන්තුවෙන් පළාත් සභා ඡන්ද ක්‍රමයට අදාල නීතිය සම්පාදනය කර දුන්නොත් මැතිවරණය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
පළාත් සභා මැතිවරණය පවත්වන්නේ කවදාදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මැතිවරණ කල් දැමීමේ කිසිදු වුවමනාවක් රජයට නොමැති බවත් මැතිවරණයට අවශ්‍ය මුදල්ද රජයෙන් වෙන්කර ඇති බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටියා.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කල් දැමූ මැතිවරණය පැවැත්වුවේත් මේ රජයෙන් බවත් මේ වනවිට මැතිවරණ 02ක් සිය රජයෙන් පවත්වා ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
