යටියන්තොට නිහඬ විරෝධතාවයක – වසන්ත රෝහණ සමරවර්ධන

යටියන්තොට ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය මන්ත්‍රී ශාන්ත හෙට්ටිකන්ද මහතාට පසුගිය මස 26 වන දින රාත්‍රී කිතුල්ගල පිහිටි නිවසට යම් ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ඇතුල්වීමට උත්සාහ කිරීම පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානය යොමු කිරීම පිණිස නිහඬ විරෝධතාවයක් අද දින( 9) යටියන්තොට නගරයේදී පැවැත්විණි .සමග ජන බලවේගය ,එක්සත් ජාතික පක්ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ මන්ත්‍රීවරු වූ විරෝධතා පුවරු රැගෙන මෙම නිහඬ විරෝධතාවය පළ කර සිටියහ .ඉන් අනතුරුව ඔවුන් යටියන්තට ප්‍රාදේශීය සභාව වෙත එම පුවරු ප්‍රදර්ශනය කරමින් පැමිණියහ .මහා සභාව පැවැත්වුණු අද දිනයේදී ඔවුන් කළු පටි බැඳ මන්ත්‍රීවරුන්ට එරෙහිව එල්ල වන මෙවැනි ක්‍රියාවලට විරුද්ධව විරෝධය පළ කළහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *