මේ අය ගම් හදන්නත් දන්නෙත් නෑ .අත්දැකීම් නෑ.. හිටපු අමාත්‍යය ඉංදික අනුරුද්ධ මහතා පවසයි. – වසන්ත රෝහණ සමරවර්ධන

ජාතික  ජන බලවේගයේ පාර්ලිමේන්තුවේ 159 ක් ඉන්නවා.නම් ටිකවත් කවුරුත් දන්නේ නෑ.කෑගල්ල දිස්ත්‍රික්කයේ 7 දෙනෙක් පාර්ලිමේන්තු  යැව්වා ජාතික ජන බලවේගයෙන්.ඒ අයගෙන් නම් 4 ක් කියන්   කීවෝත් කවුරුත් දන්නේ නෑ.ජනතාව මේ අය අදුරන්නේ නෑ.මෙන්න මේ අය ගම් හදන්නත් දන්නෙත් නෑ .අත්දැකීම් නෑ යයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක,එම පක්ෂයේ භාණ්ඩාගාරික, හිටපු අමාත්‍යය ඉංදික අනුරුද්ධ මහතා
පවසයි.

ඔහු මේ බව ප්‍රකාශය කර සිටියේ (7) යටියන්තොට ආසන්යේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නව සංවිධායක ඉංදික වේරගොඩ මහතා විසින් සංවිධානය කර තිබූ එම කොට්ඨාෂයේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට සහභාගි වෙමිනි.හමුව යටියන්තොටබොරළුවේ දී පැවැත්විනි.  එහි දී තවදුරටත් අදහස් දැක් වූ ඉංදික අනුරුද්ධ මහතා නාමල් රාජපක්ෂ මහතා 2029 ජනාධිපති සටනට සුදානම් වෙලා ඉන්නේ.අද මේ ආණ්ඩුවට ඡන්දය දුන් අයගේ වැඩි පිරිසක් කලකිරිලා
ඉන්නේ ආණ්ඩුව ගැන.අද හමුදා බුද්ධි අංශ සාමජිකයන් පීඩාවට පත් කරන්වා එන් ජී ඕ සංවිධානවල වුවමනාව මත.සලේ වැනි බුද්ධි අංශ නායකයන් පීඩාවට පත් කරනවා.2007 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ යුධ ජයග්‍රහණය පවා වෙනතකට හරවන්න මේ දැන් බලයේ ඉන්න අය උත්සහා කලා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඊබ්‍රාහිම් වැනි අය නිදහසේ ඉන්නවා.අද මහා සංඝරත්නය පීඩාවට පත් කිරීමට කටයුතු කරනවා.මතක තියා ගන්න මහා සංඝරත්නය ආරක්ෂා වුනොත් පමනයි අනෙකුත් ආගම් පවා රැකෙන්නේ.අද රාජ්‍ය නිළධාරීන් පවා මර්ධනය කිරීමට මේ ආණ්ඩුව කටයුතු කරනවා. ඉදිරියේ අපේ නව පක්ෂයේ අයට එෆ් සී අයි ඩි ය,හිර ගෙවල් පෙන්නවා බය කරන්න හදයි.ඒවාට සැලෙන්න එපා 2029 වර්ෂයේ නාමල් රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා වී නියතයි. යයි ප්‍රකාශය කලේය. මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේඇහැලියගොඩ ආසන සංවිධායක හා හිටපු අමාත්‍යය ජනක වක්කුඹුර මහතා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව 2024 සැප්තැම්බර් 21 කීවා දුක් විදින අන්තිම පොහොය කියලා නමුත් දැන් පෝයවල් කියක් ගෙවුනා  ද මොකද වෙලා තියෙන්නේ.180 ට තිබුන හාල් කිලෝව අද කීය.  ද,ලයිටි බිල 3 න් 1 අඩු කරනවා කීවා .අඩු කරනවා ද ඒ වෙනුවට අද වෙනකොට සියයට 43 කින් ලයිට් බිල වැඩි වෙලා තියෙනවා.තේ පොහොර මිටිය ගෝඨාභය ජනාධිපතිතමාගේ කාලයේ රුපියල් 9000 ට දුන්නේ දැන් එය රුපියල් 16500 යි.අපේ කාලේ රට සංවර්ධනය කලා .අද සංවර්ධනයක් වෙනවා ද.මහින්ද ජනාධිපතිතමුාගේ කාලයේ රටේ විදලිට තිබුනේ සියයට 30 යි .අපි එය සියයට සියයම කලා.ඒ වගේ රටේ යටිතල පහසුකම් අපේ ආණ්ඩුව කාලේ දියුණු කලා.
            මෙහි දී අදහස් දැක් වූ යටියන්තොට ආසනයේ ශ්‍රී ලංකා පොදුජන  පෙරමුනේ නව සංවිධායක ඉංදික වේරගොඩ මහතා යටියන්තොට ආසනයේ ජනතාව වෙනුවෙන් සියලු කැපවීම් සිදු
කිරීමට කටයුතු කරනවා.මගේ මුලික අරමුණ 2029 වර්ෂයේ නාමල්  රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිකරවීමේ සටනට මහයෝගය  ලබාදීමයි.වෙනත් පුද්ගලික න්‍යාය පත්‍රයන් නෑ.සංවිධායකවරයා  වශයෙන් මම සමග කටයුතු කරද්දී කම්මැලියෝ අපිත් සමග ඉන්න  බෑ. කිසිම පක්ෂ ශාඛා සමිතියක් හොරෙන් පිහිටුවීමට කිරීමට ඉඩ නොදෙන අතර අපේ පාක්ෂිකයන්ට අපි ගරු කරන්න ඕනෑ යයි පැවැසීය.
මෙම අවස්ථාවට ප්‍රාදේශයේ මහා සංඝරත්නය ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායක හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී අජිත් ශාමින්ද,බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ජගත් ලීලාරත්න,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දසිත්‍රික් කානතා සංවිධායිකා ව්සලා ජිනාදරී යන මහත්ම මහත්මීහු සමග වරකාපොල,රුවන්වැල්ල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන සංවිධායකවරු ද සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *