අද සහ හෙට කොටා පාර දුම්රිය හරස් මාර්ගය වැසෙයි

කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන්, දුම්රිය ධාවනය සීමා කිරීමට සහ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද උදෑසන 9:30 සිට හෙට උදෑසන 7:30 දක්වා එම දුම්රිය හරස් මාර්ගය වසා තැබෙන බවයි.

එම කාලසීමාව තුළ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර කොටුව සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොකරන බවද සඳහන්.

මේ අතර අද (06) පස්වරුවේ මන්දගාමී දුම්රිය තුනක් නාරාහේන්පිට දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *