මදුරු මර්දනයට විශේෂ දින තුනක්

ඩෙංගු මදුරු මර්දනයට විශේෂ වැඩසටහනක් ජුනි 08, 09 සහ 10 යන දිනවල පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස 74ක මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ සඳහා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඩෙංගු බෝවීමේ අධි අවදානමක් පවතින ප්‍රදේශ කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනු ඇත.

මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයින්ට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *