තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (05) පස්වරු 3.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (06) පස්වරු 3.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන්, මධ්‍යම, සබරගමුව, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව සඳහන්.
