කෑගල්ල දිස්ත්‍රික් පරිසර සැමරුම් වැඩසටහන – වසන්ත රෝහණ සමරවර්ධන
පරිසරය ආරක්ෂා කිරීමට පැරැණි අනපනත් සංශෝධනය කිරීමට වර්තමාන ආණ්ඩුව මේ වන විට කටයුතු කරමින් සිටින බවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මක පටබැඳි මහතා පවසයි .එම පනත්වල තිබෙන යල් පැනගිය නීතිිරීති මගින් පරිසරය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමේදී යම් යම් ගැටළු පැන නගින බවට අමාත්‍යවරයා අද (4) ප්‍රකාශ කර සිටියේ යටියන්තොට බෞද්ධ මන්දිර ශාලාවේ ශාලාවේ පැවති කෑගල්ල දිස්ත්‍රික් පරිසර සැමරුම් වැඩසටහනට සහභාගි වෙමිනි
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පසුගිය රජයන් සමයේ පරිසරය ආරක්ෂා කිරීමට යම් යම් අණ පනත් තිබුණත් ඒවා අභිබවා යාමට දේශපාලඥයන් ක්‍රියාකළ බවයි .එහි ප්‍රතිඵලයක් වශයෙන් වන විනාශය සත්ව ඝාතනය අනවසර ඉදිකිරීම් සිදුකිරීම වැනි ක්‍රියා සිදු කෙරුණි .මෙවැනි කටයුතු වලදී රාජ්‍ය නිලධාරීන්ට පවා තම හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබුණි .මෙම නිසා වර්තමාන ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් පරිසරය ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනා කටයුතු කරනු ලබයි .මෙහිදී පරිසරය ආරක්ෂා කරනු ලබන රාජ්‍ය නිලධාරීන්ට තීන්දු තීරණ ගැනීමේදී කිසිදු බලපෑමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා පැවසීය .වර්තමාන ආණ්ඩුව විසින් පරිසරය සුරැකීමේ වැඩපිළිවෙළ යටතේ රක්ෂිත අසූ එකක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙයි .
දැනට ගැටළුවක් වී තිබෙන අලි මිනිස් ගැටුම පිළිබඳ නිරාකරණය කිරීමේදී ද යම් යම් අණ පනත්වල දුර්වලතාවයන් නිසා ඒ සිදු කිරීමට ප්‍රමාද වී තිබෙයි .හීලෑ අලි ඇතුන් පිළිබඳ ගැටලුවේදී ද අණ පනත් බාධා ලෙස පවතී .එම ගැටළු ඉදිරියේදි නිරාකරණය කිරීමට පාර්ලිමේන්තු පනතක් හරහා කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නන්දන මිල්ලගල .මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ .,කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එකේ ජී නිශාන්ත ,යටියන්තට ප්‍රාදේශීය ලේකම් අනෝමා දිසානායක යන මහත්ම මහත්මිහුද සහභාගි වී සිටියහ .
මෙහිදී යටියන්තට සිරිවර්ධන මහා විද්‍යාලය හා කිතුල්ගල කල්‍යාණි මහා විද්‍යාලයේ පරිසර නියමු කණ්ඩායම්වල 17 සඳහා
ස්වර්ණ පදක්කන් පැළඳවීම ද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි .
