ඉන්ධන මිල ඉහළට

ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි දිවයින පුරා සිපෙට්කෝ (ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව) ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇති බව එම සංස්ථාව නිවේදනය කරනවා.

ඒ අනුව, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 25.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 495.00ක්.

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 24.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 434.00ක්.

ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 20.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 478.00ක්.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 285.00ක්.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15.00 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 407.00ක්.

එමෙන්ම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල සංශෝධනය සමාන වන පරිදි ලංකා අයි.ඕ.සී සමාගමද ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිලද ඉහළ නංවා තිබෙනවා.

එමෙන්ම අනෙකුත් ඉන්ධනවල මිල ගණන් නොවෙනස්ව පවතින බවයි එම සමාගම නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *