මෙනින්ජයිටීස් බවට සැක රෝගීන් 200 ක්
මෙනින්ජයිටීස් හෙවත් මොලේ උණ රෝගය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් 200 ක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
අද (27) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා කියා සිටියේ ඉන් මේ වනවිට දිස්ත්‍රික්ක 4 ක රෝගීන් 50 ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
