විමල් වීරවංශ අත්අඩංගුවට
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 344වන වගන්ති ප්‍රකාරව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි.
ඒ රණවිරු සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතුවලට බාධා කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.
පොලිසිය විසින් සිදු කරන ලද කැඳවීමකට අනුව ඔහු මෙලෙස ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිසියට අද (25) පෙරවරුවේ පැමිණ තිබුණා.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
