වනඅලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට

තිරුක්කෝවිල්, වට්ටමඩු ප්‍රදේශයේදී වනඅලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයා ගවයින්ට ලබාදීම සඳහා තණකොළ කපමින් සිටියදී මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවට අනාවරණය වී ඇති බවයි.

මියගොස් ඇත්තේ 63හැවිරිදි වූනාවක්කාඩු ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන් වෙයි.

මෘත ශරීරය තිරුක්කෝවිල් රෝහලේ මෘත ශරීරාගායේ තැන්පත් කර ඇති බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *