හුස්මෙන් හුස්ම වැඩසටහන යටතේ කෑගල්ල බෙරගල රුක් රෝපණ වැඩසටහන – වසන්ත රෝහණ සමරවර්ධන

හුස්මෙන් හුස්ම වැඩසටහන යටතේ කෑගල්ල බෙරගල අටවෙන සිංහ රෙජිමේන්තුවේ 572 බල සේනා මූලස්ථානයේ පරිශ්‍රයේදී අද දින (22) රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි .
ජාතියේ නිදහස වෙනුවෙන් දිවි පිදූ( 1368 දෙනෙකු ) කෑගල්ල දිස්ත්‍රික්කයේ යුද හමුදාවේ සේවය කළ නිලධාරීන් හා දිට්ඨා සුලි කුනාටුවෙන් මියගිය අය සිහිපත් කරමින් මෙහිදී (පැළ 1368) රුක් රෝපණය සිදු කෙරුනි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයෝ ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ ජී නිශාන්ත ,අතිරේක දිස්ත්‍රික් ලේකම් වරුන් වන දිලිප් නිශාන්ත .කුසුම්සිරි බණ්ඩාර .572 පාබල බලසේනා මූලස්ථානයේ බල සේනාධිපති බ්‍රිගේඩියර් එස් පී සී කේ සෙනරත් ,යන මහත්ම මහත්මීන් ඇතුළු එම කඳවුරේ නිලධාරිහුද එම මියගිය රණවිරුවන්ගේ දෙමව්පියෝ ඇතුළු ඥාතී හුදෙක් සහභාගි වී සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *