හලාවත රෝහලේ වාට්ටු 2ක් ජලයෙන් යටවෙයි
පවතින වැසි තත්ත්වය හේතුවෙන් හලාවත මහ රෝහලේ අංක 4 සහ 15 වාට්ටු දෙක ජලයෙන් යටවී තිබෙනවා.
එම වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් වෙනත් වාට්ටු වෙත මාරු කර යවා ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මේ අතර හලාවත දුම්රිය ස්ථානය අසල මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
