නාඩු මිල පහළට

වෙළෙඳපොළේ නාඩු වී කිලෝවක මිල රුපියල් 100 දක්වා පහළ බැස ඇති බවට එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරනවා.

එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා කියා සිටියේ, ආණ්ඩුව දේශීය කීරි සම්බා සහල් සඳහා ආදේශකයක් ලෙස ආනයනික කීරි සහල් ගෙන්වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

රටතුළ සහල් හිඟයක් ඇති විය හැකි බව පවසමින් පසුගිය මාසයේදී සහල් ආනයනය කිරීමට ආණ්ඩුව පියවර ගත්තා.

මේ හේතුවෙන් සිය මහ කන්නයේ අස්වනු විකුණා ගැනීමට නොහැකිවී ඇති බවයි ගොවීන් චෝදනා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *