ආනයනික කිරිපිටි මිල ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 50 කින් සහ කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 125 කින් ඉහළ යනු ඇති.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම මෙලෙස මිල ගණන් ඉහළ යාමට හේතුව වී තිබෙනවා.

ඒ අනුව එම මිල ගණන් සහිත කිරි පිටි පැකට් තොග එළැඹෙන සතියේ වෙළදපළට පැමිණෙනු ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙකු කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *