සුපිරි මෝටර් රථයක මත්පැන්, දරුවට බරපතල සැත්කමක් කියා මාරු වෙන්නත් හදලා – ප්‍රසාද් පුර්ණමාල්
සුපිරි මෝටර් රථයක් යොදා ගනිමින් නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය කල පුද්ගලයෙකු මත්පැන් බෝතල් 30 ක් සමග තොඩුවාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත . අත්අඩංගුවට පත් සැකකරු කුලී පදනම මත ලබා ගන්නා සුපිරි
වාහන යොදා ගනිමින් මේ ජාවාරම කර ඇති අතර ඒ සදහා පවුලේ සාමාජිකයන්ද හවුල් කර ගෙන ඇතිබව වාර්තා වේ .
සැකකරු මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පොලිසිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තම දැරියගේ සැත්කමකට
අවශ්‍ය මුදල් සොයා ගැනීම සදහා මේ නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කල බවයි .
සැකකරු මත්පැන් හා මෝටර් රථය සමග අද 23 මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .
වයඹ ජෞශ්ධ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි පුත්තලම නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජේශ්‍රී හලාවත ජෞශ්ධ පොලිස් අධිකාරී
රොහාන් පෙරේරා ,නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත තොඩුවාව පොලිස් ස්ථානාධිපති එරන්ජන් දසනායක
උප පොලිස් පරීක්ෂකවරුන් වන ජගත් සුජීව , සරත් කුමාර , යන මහත්වරු විසින් මේ වැටලීම සිදු කර තිබේ .
