සජබ අද කළු වෙයි – හිරුණි ලක්ෂිකා

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයට එරෙහිව සමගි ජන බලවේගය අද(23) පාර්ලිමේන්තුවේදී විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අද පෙරවරුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණියේ කළු ඇඳුමින් සැරසීගෙනයි.

මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකට පිළිතුරු ලබා දුන් හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ සභාපතිවරයාගේ ඝාතනයට එරෙහිව මෙම විරෝධතාවය පළ කරන බවයි.

එය සංකේතාත්මක වශයෙන් පළ කිරීමට සමගි ජන බලවේගයේ සියලුම දෙනා අද දින කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් මේ තීරණය ඊයේ(22)දින රැස්වූ සමගි ජන බලවේගයේ දේශපාලන කළමනාකරණ කමිටුවේ දී ගත් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පාතාල චෝදනා එල්ල කරමින් ආණ්ඩුව මෙම ඝාතනය ගැන සෙවීම මඟ හරිමින් සිටින බවත් ඊට විරෝධය පළ කරමින් සහ නියම ඝාතකයින් අත්අඩංගුවට ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් මෙම විරෝධතාව සිදුකරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *