ඉදිරි මහ කන්නයේදී වගා කරන වී වගාව සඳහා රුපියල් ලක්ෂයක රක්ෂණාවරණයක් කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් – නදීක දයා බණ්ඩාර
2025/26 මහ කන්නයේ වී වගාව සඳහා කෘෂිකාර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් රුපියල් ලක්ෂයක රක්ෂණාවරණ හිමිවන බව එම මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් අධ්‍යක්ෂ රජීව කුලරත්න මහතා පවසයි.
රුපියල් ලක්ෂයක රක්ෂණාවරණයක් සඳහා අක්කරයකට ගෙවිය යුතු වන්නේ 6.4%ක් එනම් රුපියල් 6400ක මුදලක් යැයි ද ඒ මහතා කීවේය.
මහ කන්නයේ වී වගාව මෙන්ම අනිකුත් භෝග සඳහා ද සිය මණ්ඩලයේ අනුමැතිය මත රක්ෂණයක් හිමිවන බවත් ඒ සම්බන්ධ තොරතුරු එම මණ්ඩලයේ ප්‍රාදේශීය නිලධාරීන් විසින් ලබා දෙන බවත් ඒ මහතා පැවසුවේය.
වී වගාවට අමතරව මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක ආරක්ෂීත ගෘහ තුළ වගාව, මිනිපේ කෙසෙල් ව්‍යාපෘතිය ආදිය ද මෙම රක්ෂණයට ඇතුළත් කළ හැකි යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මහනුවර දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදීය.
