අඟල් තුනහා මාරක් දිග ඉතාලියේ නිෂ්පාදිත කුඩා රිවොලරයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

 

ඉතාලියේ නිෂ්පාදිත විශේෂ පතොරම් යෙදිය හැකි ස්වයංක්‍රීය රිවොලරයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට තොඩුවාව පොලිස් ස්ථානාධිපතිවරයා
ප්‍රධාන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ .
අද 23 පෙරවරුවේ මේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත . තොඩුවාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එරන්ජන් දසනායක මහතාට ලැබුණු තොරතුරක් මත ඉහල මහවැව ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී මේ ගිනි අවිය හා තියුණු ආයුධ දෙකක් ( කඩු ) සොයා ගෙන ඇත .
මේ ගිනි අවිය මෙරටට රැගෙන පැමිණ ඇත්තේ 1997 වර්ෂයේදී රුපවාහිනි යන්ත්‍රයක දමාගෙන බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත . මේ පුද්ගලයා වසර 27 ක් ඉතාලියේ
සේවය කර ඇති බව වාර්තා වේ . මේ ගිනි අවියේ දිග අගල් තුනහා මාරක් වන අතර ඒ නිසා මෙය ඕනෑම ස්ථානයකට රැගෙන යාමේ පහසුවක් තිබෙන බව පොලිසිය පැවසිය .

මේ පුද්ගලයා ගේ නිවසේ ආරක්‍ෂිත සේප්පු කීපයක් ද තිබී ඇති අතර මේ ගිනි අවිය තිබී ඇත්තේ කාර්යාල කාමරයක මේස ලාච්චුවකයි .

වයඹ ජෞශ්ධ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි පුත්තලම නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජේශ්‍රී හලාවත ජෞශ්ධ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා ,නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත තොඩුවාව පොලිස් ස්ථානාධිපති එරන්ජන් දසනායක උප පොලිස් පරීක්ෂකවරුන් වන ජගත් සුජීව , සරත් කුමාර ,පොලිස් සැරයන් 68364 මාරසිංහ යන මහත්වරු විසින් මේ වැටලීම සිදු කර තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *