අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය (PCID) විවෘත කෙරේ!
මෙරට පුරවැසියෙකු වත්කම් උපයා ගත් ආකාරය සැක සහිත නම් ඔහුගේ හෝ ඇයගේ නිර්දෝෂීභාවය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහාත්, එම ඉපැයීම අනීතිකව සිදුකර ඇත්නම් එම දේපල රාජසන්තක කීරීම වැනි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අදාළ නීතිමය පියවර ගැනීම සඳහාත් ස්ථාපිත කළ නව කොට්ඨාසය – අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය (Proceeds Of Crime Investigation Division – PCID) විවෘත කිරීම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) උදෑසන පොලිස් මූලස්ථානය ලෙස භාවිතාකළ පැරණි ගොඩනැගිිිල්ලේදී සිදුකෙරුණි.
මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සහ විමර්ශන කොට්ඨාස නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහභාගී විය.
2025.05.27 වන දින අංක 2438/51 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයෙන් 2025.06.01 දින සිට බලාත්මක වූ 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළීබඳ පනත යටතේ ශ්‍රී ලංකා පොලිසියට හිමිවන බලතල සම්බන්ධව මූලිකව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට මහතා මෙම නව කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරයි.
