මත්ද්‍රව්‍ය මාෆියාව : කරවල සමග කරල්
පාරිභෝජනයට ගත නොහැකි නරක් වු කරවල තොගයක් තුළ සඟවා ප්‍රවාහනය කරමින් තිබු මත්කරල් 359,000ක් (තුන් ලක්ෂ පනස් නව දහසක්) සමග සැකකරුවකු වව්නියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුවතක් වාර්ථා වෙයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශන සිදු කරන බව ද වාර්ථා වෙයි.
වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
END/MMP/20102025
