කීරි සම්බා වෙනුවට GR 11 පොන්නි සම්බා ආනයනයට අවසර – හිරුණි ලක්ෂිකා
දේශීය වෙළෙඳපොළේ ඉල්ලුමක් ඇති කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන ජී.ආර්. 11 (GR 11) වර්ගයේ පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අවසර ලබා දෙමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අංක 2444/03 දරණ මෙම ගැසට් නිවේදනය, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්යාවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව, ඔක්තෝබර් 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබෙනවා.
නව ගැසට්ටුව අනුව, ආනයනයට අවසර දී ඇත්තේ ජී.ආර්. 11 පොන්නි සම්බා සහල් පමණක් වන අතර, එක් ආනයනකරුවෙකුට ආනයනය කළ හැකි උපරිම සහල් ප්රමාණය මෙට්රික් ටොන් 520ක්.
ශ්රී ලංකා රේගුව සඳහන් කළේ, අදාළ සහල් තොග ඔක්තෝබර් 15 සිට 28 දක්වා කාලය තුළ නැව්ගත කළ යුතු අතර, එම සහල් තොග රේගුවෙන් නිදහස් කර ගැනීමේ අවසන් දිනය නොවැම්බර් 15 වනදා බවයි.
