ඇමසන් cloud බිඳවැටීමෙන් ලොව පුරා අන්තර්ජාල සේවා රැසක් අක්‍රීය වෙයි – හිරුණි ලක්ෂිකා

ඇමසන් වෙබ් සේවාවල හදිසි බිඳවැටීමක් හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදවුම් බොහොමයක් අක්‍රිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ඇමසන් cloud සේවා ලබන Amazon Prime, Perplexity, Fortnite, Alexa, Snapchat ඇතුළු යෙදවුම් රැසක් අක්‍රීය වී ඇති අතර බැංකු ගනුදෙනුකරුවන්ටද බලපෑම් එල්ලවී ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දනේනේ මේ හේතුවෙන් ලොව ප්‍රධාන පෙළේ බැංකු සේවා වන ලොයිඩ් සහ හෙලිෆැක්ස් යන බැංකු සේවා ද බලපෑමට ලක්වී ඇති බවය.

ඒ අනුව මෙහි බලපෑමට ලක්වූ ආයතන ගණන 500කට අධිකය.

එම සේවා නැවත යථාවත් කරමින් පවතින බවට ඇමසන් ආයතනය සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *