දිස්ත්‍රික්ක 7කට නාය යෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්- හිරුණි ලක්ෂිකා

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නාය යෑම් පිළිබඳ පළමු මට්ටමේ (Level 1) පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, බදුල්ල, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 07 සඳහායි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසත්, භූමියේ ඉරිතැලීම් හෝ බෑවුම්වල වෙනස්කම් දුටුවහොත් වහාම ආරක්ෂිත ස්ථානයකට ඉවත් වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *