ඇල්ල බස් අනතුරු ඛේදවාචකයෙන් මියගිය සැමට පිං පමුණුවා අනතුර සිදු වූ ස්ථානයේ පිංකම්!
පසුගිය දා ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවු බස් රථ අනතුරින් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීම හා තුවාල ලබා සිටින සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පිරිත් සජ්ඣායනාවක් බදාදා – 10 දින රාත්‍රියේ අනතුර සිදුවු ස්ථානය අසල පැවැත්වු බව වාර්තා වෙයි.
මෙම පිංකම ඇල්ල කොට්ඨාශයේ රාජ්‍ය ආයතන, ඇල්ල ව්‍යාපාරික ප්‍රජාව හා ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කරන ලද අතර 11වන දා දහවල් දානමය පින්කමක් ද පැවැත්වා ඇත.
මෙම අවස්ථාවට ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, තංගල්ල නගර සභාවේ නගරාධිපතිතුමන්, තංගල්ල වෙළද සංගමයේ සමාජිකයන් ඇතුලු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වී සිටි අතර තංගල්ල වෙළද සංගමය මගින්, අනතුර සිදුවු අවස්ථාවේ ඉදිරිපත්වී මුදවාගැනීමේ කටයුතු අතරතුර තුවාල ලැබූ තරුණයින් තිදෙනා වෙනුවෙන් මුල්‍යමය පරිත්‍යාග සිදු කර ඔවුන්ව ඇගයීමට ලක්කළ බව ද පැවසේ.
